....හැරයමි....

අවසන් විය අදින්
සාපෙළට මග කියූ
උපකාරක පන්තියක්
ඉන්ම නිම විය
සිතින් කළ ප්රතම ප්රේමයක්...
ඔබ යාවි අද සිට
මගෙ දෑස මානෙන් දුරට
හමුවෙයිද ආයෙත්
ඔබේ ඔය නිල් දෑස
සත්තයි නුඹ නොදනි කිසිදින
මා නුඹට සිත දුන් වග
නොදැන ගනු මැන කිසිම දිනකදි
මගේ සිත ඔබ ළග තිබූ වග...
ඉතින් හැරයමි මමත් අද ඔබ
හදාගත්තෙමි තදින් මේ සිත
ඇත දහසක් පැතුම්
හැබෑකරනට ඔබව හැරගොස්
නොඑනු මැන යළි
මගේ දසුනට
හදාගත් හිත
බිඳ දමන්නට
ඉතින් සොඳුරිය....කාලයයි මේ සමුගන්න....එන්නෙපා ආයෙත් මගෙ දෑස මානෙට....නමුත් කිසිදා අමතක නොකරමි....
මගෙ ප්රතම ප්රේමයයි නුඹ....
....අැඩ්මින් මුල්ලේ....

Comments

Popular posts from this blog

නැගිටිමි යළිත්...